(ජේ.කේ.එල් චාමින්ද)
නියං තත්වය හේතුවෙන් මෙරට කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාබිම්වල ඇති තේ ගස් ලක්ෂ 58ක් පමණ විනාශවී ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මහතා පවසයි.
පෙබරවාරි සහ මාර්තු මාසවල තේ දලු අස්වැන්න අඩුවී ඇති නිසා ආදායම අඩුවී ඇති බව පවසන සභාපතිවරයා යම්කිසි මුදලක් වන්දි වශයෙන් ලබා දෙන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 1187ක් පමණ වැයවන බවට ගණනය කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.
මේපිළිබද තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කිවේය
“පසුගිය වර්ෂවල වෙනත් වගා සහනාධාර නෙගෙවු රුපියල් මිලියන 300 විතර තිබුණා. 2019.12.31 වැනිදිනට ඒ සහනාධාර මුදල රමේෂ් පතිරන ඇමතිතුමා හා කාංචන විජේසේකර රාජ්‍ය ඇමතිතුමාගේ දැඩි උනන්දුව මත මහා භාණ්ඩාගාරයෙන් එම මුදල අරගෙන ප්‍රාදේශීය කාර්යාල වෙත නිදහස් කරලා තියෙනවා. එම මුදල් ඉඩම් හිමියන්ගේ බැංකු ගිණුම්වලට වැටෙනවා. නියඟය නිසා මේක ඉක්මන් කළා. දැනට පවතින නියං තත්වය තේ වගාකරුවන්ට වන බලපෑම පිළිබඳ සාකච්ඡාවක් අපේ ඇමතිවරුන් දෙපලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සඳහා කුඩා තේ වතු සංවිධානවල නියෝජිතයින් සහභාගි වුණා. එම සාකච්ඡාවේ දි අපි නිගමන කිහිපයක් ගත්තා.
නියගය නිසා 5%ක් 10%ක් අතර ප්‍රමාණයක පැළ මියගිහින්. දළ වශයෙන් ගතහොත් තේ පැළ 58 ලක්ෂයක් විතර. පාළු වගා සහනාධාර ක්‍රමයක් තියෙනවා. ඒ පැළ දෙන්නේ අවුරුදු 5ට වඩා අඩු පැළ වලට. අලුත් පැළ තමයි විනාශවෙලා තියෙන්නේ. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා පාළු වගා සහනාධාරය අවුරුදු දෙකකට වඩා අඩු තේ පැළවලට ලබා දෙන්න. කුඩා තේ වතු හිමියන්ගේ පෙබරවාරි මාර්තු මාසවල තේ දලු අස්වැන්න අඩුවීම නිසා ආදායම අඩුවීම වෙනුවෙන් යම්කිසි මුදලක් ලබා දෙනවානම් ඒ සඳහා රුපියල් මිලියන 1187ක් විතර යන බව ගණනය කොට තියෙනවා. ලබන අඟහරුවාද දින මේ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. එහිදි තමයි මේ ගැන තීන්දුවක් ගන්න වෙන්නේ කුඩා තේ වතුහිමියන් වෙනුවෙන් යම්කිසි සහනාධාරයන් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව වතුර මෝටර් 6000ක් තියෙනවා. කුඩා තේ වතු සමිති සමග ගිවිසුමක් අත්සන් කර එම වතුර මෝටර් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා” යැයිද කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීවේය.


2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියඟෙන් තේ ගස් ලක්ෂ 58ක් විනාශයි
අබිලිං Sunday, 08 March 2020 01:00 PM
සභාපතිතුමා කියනවා සහනාධාරයක් දෙනවා කියලා. මෙයට පෙර කිව්වා පොහොර සදහා මුදල් බැංකුවට එවනවා කියලා. මටනම් කිසිම දිනක කිසිම දෙයක් ලැබිල නැහැ. මේවා දෙන්නේ කාටද කොහොමද පැහැදිලි කරන්න. ඒ වගේම කියන්න පුළුවන්ද මැරුණු ගස් ගණන ගණන් ගත්තේ කොහොමද කියලත්.