(ඩී.ජී.සුගතපාල)
වලස්මුල්ල දලුවග්ගොඩ ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හෑරීමට සුදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව වලස්මුල්ල පොලිසිය පැවසීය.
එම ප්‍රදේශයේම විහාරාධිපති හිමි නමක් , බේකරියක් පවත්වාගෙන යන පුද්ගලයෙකු , බේකරියේ සේවය කරන පුද්ගලයින් තිදෙනෙකු , කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු , ඉඩමේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිසිය කීය.
සැකකරුවන් සමඟ වතුර මෝටරයක් සහ පූජා භාණ්ඩ රැසක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය කීය.
පට්ටගොඩ වත්ත ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හෑරීමට සූදානම්වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව වලස්මුල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් හෙට (10) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධානයක් හෑරීමට ගිය 8දෙනෙකු අත්අඩංගුවට