IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නිධන් හාරමින් සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)
 
සාලියවැව පොලිස් වසමට අයත් සියඹලෑව ප්‍රදේශයේ ඉඩමක ළිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සිටි කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බවත් සාලියවැව පොලීසිය කියයි.
 
අත්අඩංගුවට ගත් කාන්තාව දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සෙසු සැකකරුවෝ සියඹළෑව, බිංගිරිය හා ආණමඩුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
සැකකරුවන් ඉඩමේ අඩි දහයක පමණ ගැඹුරු වළක් කපා ඒ තුළ තවත් අඩි පහක පමණ කුඩා වළක් හාරා තිබූ බවද පොලිසිය පවසයි.
 
උදලු, යකඩ ඉනි, සවල් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ තොගයක් ද කුලී මෝටර් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
දින කිහිපයක සිට රාත්‍රි කාලයට ඉඩමේ කිසියම් නිධන් හාරන බවට පොලිස් බුද්ධි අංශය ලද තොරතුරක් අනුවම මෙම වැටළීම කළ බව පොලිසිය කියයි.
 
සැකකරුවන් සමග නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිධන් හාරමින් සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site