(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී ඉතා රහසිගතව නිධානයක් ගොඩගැනීමට උත්සහ ගත් 06 දෙනෙකු සහ අධීතාක්ෂණයෙන් යුත් සකෑනර් යන්ත්‍රයක් සමගින් අද (15) අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි.
පේසාලෙයි පොලීස් බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව පේසාලෙයි ජූඩ් මාර්ගයේ පිහිටි කැලෑබද ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකසහිතව සැරිසැරූ 06 දෙනෙකු නිරීක්ෂණය වී ඔවුන් පරික්ෂා කිරීමේදී එක් අයෙකු සමීපයේ නවීන පන්නයේ ස්කෑනර් යන්ත්‍රයක් තිබී හමුවීමත් සමග එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දැමූ රත්තරන් හෝ වෙනත් නිධානයක් පිළිබඳව පරික්ෂා කිරීම සඳහා මෙම පිරිස් අදාල ප්‍රදේශයට ගොස් ඇති බවට පේසාලේ පොලීසිය සැක පල කොට සිටියි.
අත්අඩංගුවට ගත් පිරිස් වලින් සිව් දෙනෙකු අනුරාධපුරයේ සහ දෙදෙනෙකු පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් මන්නාරම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.