(දයාරත්න ඇඹෝගම)
පොලිස් ඇදරි නිතියට මුවාවි තලාව පොලිස් වසමේ ඉලංදක්කුලම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් ලබා ගැනිමේ චේතනාවෙන් කැණිම් කරමින් සිටි යුධ හමුදාවේ විශ්‍රාමික භටයෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අද(03)දින අළුයම අත් අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තලාව සහ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කපුවා සහ අවුරැදු 50 ත් 40 ත් අතර පසුවන පුද්ගලයන් පිරිසකි.
සැකකරුවන් අතර විශ්‍රාමික හමුදා භටයෙකුද සිටින බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසින්ගෙන් පොලිසියට ලද තොරතුරැ මත මෙම වැටලිම සිදු කොට තිබුණි.
පොලිසිය විසින් මෙම වැටලිම සිදු කරන අවස්ථාවේදි සැකකරැවන් විසින් ඉලංදක්කුලම වැව් බැම්ම පාමුල අඩි 28 ක් පමන ගැඹුරට භුමිය හාරා තිබු බව පොලිසිය කියයි.
පතුල අඩි 07 ක් පමණ දෝනාවක ආකාරයට හාරා තිබිණි.
මෙම කැණිම් කිරිම සදහා භාවිතා කල ගල් විදින යන්ත්‍රයක්,උදළු,අලවංගු වැනි උපකරණ සහ මල් පහන් ඇතුළු පුජා භාණ්ඩ රැසක්ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරැවන් අද(03)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිධන් හෑරූ තලාවේ 8ක් අල්ලති