(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය, කොටවෙහෙර ,දිගන්නෑව ප්‍රදේශයට වැලිසර නාවික කඳවුරෙන් නිවාඩු ලබා පැමිණි නාවික සෙබළාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් සහ ඇසුරු කළ පවුල් අටක් ස්වයං නිරෝධායනයට ලක්කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද ( 27 ) පැවසීය .
එම කඳවුරෙන්ම මෙසේ නිවාඩු ලබා පැමිණ සිටි සෙසු සෙබළුන් හය දෙනා ඇසුරු කළ තවත් පවුල් අටක්ද ඒ අයුරින්ම ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වැලිසර නාවික කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටි සෙබළුන් හය දෙනාම මේ වන විට අදාල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවත් ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සහ ගමන් කළ ස්ථාන සොයා මෙහෙයුම් අරම්භ කර ඇති බවද කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd