IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාඋල - අඹන ගොවියෝ වායු රයිෆල් ඉල්ලති

(ඉන්දික අරුණ කුමාර)             

                   
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන අක්කර 500 ක වපසරියක් හිමි නාඋල - අඹන මහ වෙල්යායේ ගොවිහු වගා ආරක්ෂාව සදහා වායු රයිෆල් ඉල්ලා සිටිති.

කලක් තිස්සේ පවතින වන අලි,රිලා සහ මොණර උවදුරු පාලනය සදහා මෙම ඉල්ලීම සිදුකරන බව ගොවිහු පවසති.

වසරකට තුන් වතාවක් වගා කටයුතු සිදුකරනු ලබන අඹන වෙල්යාය ආශ්‍රීතව ගොවිතැන් කටයුතු සිදුකරන ගොවි පවුල් ප්‍රමාණය 200 කට වැඩිය.

වී වගාවන්ට අමතරව අතරමැදි කන්නයේ දී බතල,වැටකොළු,බෝංචි,දඹල,පතෝල,මෑකරල්,වට්ටක්කා,අමු මිරිස්,කැකිරි,බණ්ඩක්කා,ගෝවා මෙන්ම මාළු මිරිස් ආදි එළවළු රැසක් අඹන වෙල් යායේ දී වගා කෙරෙති. 

දිවා රෑ දෙකෙහිම දැඩි වෙහෙසක් දරමින් සිදුකරනු ලබන සිය වගාවන් වලට වන සතුන්ගෙන් එල්ල වන බරපතල හානි වළක්වා ගැනීම සදහා වායු රයිෆල් ප්‍රමාණවත් වෙතැයි ගොවිහු විශ්වාසය පලකරති.

‘උදේ පාන්දර පහේ ඉදලා හැන්දෑ වෙනකම් මොණරු හැංගිලා ඉදලා වගාවන් විනාශ කරනවා. වැල් පිටින් සූරන් කනවා. අපි මේ ගැන කියන්න පුලුවන් හැමෝටම කිවා නමුත් වැඩක් නැ. ඒ හින්දයි මාධ්‍යයටත් මේක කියන්නේ.‘ ගොවීන් වැඩිදුරටත් කියාසිටියේ දුක් මහන්සියෙන් වගා කටයුතු සිදුකළ ද වන සතුන්ද සිය වගාවන් පූජා කිරිමට සිදුවීම කනගාටු දායක තත්ත්වයක් බවයි.

මේ තත්ත්වය වටහාගෙන ගොවි සංවිධාන මට්ටමින් හෝ රජයේ මැදිහත්වීම යටතේ සාධාරන මිලකට හෝ ගොවීන්ට වායු රයිෆල් ලබාදීමට කටයුතු කරන ලෙස අඹන ගොවිහු රජයෙන් ඉල්ලීමක් කරති.



අදහස් (0)

නාඋල - අඹන ගොවියෝ වායු රයිෆල් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site