IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැව ජාවාරමක් වටලා අයෙක් අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ඕමන්ත, පාලමොට්ටෙයි රක්ෂිතයේ මහපරිමාණයෙන් බුරුත දැව ගස් කපා ඉතා සූක්ෂමව උතුරු පළාතේ විවිධ ප්‍රදේශ වෙතට දැව රැගෙන යාමේ ජාවාරමක් අද (02) උදෑසන පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සෙබලුන් විසින් වටලන ලදි.

 එහිදී ලොරි රථයකට බුරුත දැව ගස් කුට්ටි කර දමා දැව වැසෙන සේ ඊට උඩින් දහයියා දමා පාලමොට්ටෙයි රක්ෂිත කැලෑවේ සිට ලොරිරථය ධාවනය කරමින් සිටින අතර තුරදී පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් වැටලීම කර ලොරි රථය සමඟ  රියදුරුදු අත්අඩංගුවට ගැනීම සිදු කළේය.
 
එහිදී ලොරි රථයේ සඟවා තිබූ විශාල බුරුත කදන් 23 ක් තිබී ඇති අතර රක්ෂිතයෙන් කපා ගන්නා බුරුත දැව ඉතා රහසිගතව දහයියා ප්‍රවාහනය කරන මුවාවේන් රැගෙන යාමට ජාවාරම් කරුවන් සැලසුම් කොට තිබුණි.
 
අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර බුරුත තොගය හා සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඕමන්ත පොලීස් සථානය වෙතට භාර දීමට පියවර ගත් බවට පුලියන් කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.
 
බුරුත දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී අබේසේකර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ඇතුලු එහි නිලධාරීහු මෙම වැටලීම සඳහා එක් වූහ.
 



අදහස් (0)

දැව ජාවාරමක් වටලා අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site