(ජේ. කේ. එල්. චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)
නව හැවිරිදි පාසල් දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ සීයා අත්අඩංගුවට ගත්බව නෙළුව පොලිසිය පවසයි.
සැකකරු 52 හැවිරිදි වියේ පසුවන මාවනාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මාස පහක ඇතුළත කාලය තුළ අවස්ථා පහකදී මෙම දැරිය අපයෝජනයට ලක් වී ඇති බව පොලිසිය පවසයි.
නෙළුව පොලිසිය මගින් ළමා අපචාර හා දුෂණ පිළිබඳව පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් පසුගිය දින කිහිපයේදී පැවැත් වූ බවත්, එම වැඩමුළුවකට සහභාගි වූ මෙම දැරිය පසුව මෙම සිද්ධිය මවට පවසා ඇති බවත් ඇය විසින් පොලිසියට පැමිණිලි කළ බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.
නෙළුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd