
(ශාන්ත චන්ද්‍රසිරි)
නානුඔය, කිරිමැටිය ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල දිය වළක දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, ඩෙස්ෆෝට් වත්තේ, වාලමලෙයි කොටසේ පදිංචිව සිටි මහාදේවන් සදීෂ් කුමාර් (18) නැමැති තරුණයෙකි.
මියගිය තරුණයා සමග තවත් තරුණයන් දෙනෙකු මෙම දිය ඇල්ල පාමුල පිහිටි දිය වළේ දිය නෑමට ගොස් ඇති බවත්, ඔවුන් දිය නාමින් සිටියදි එක් අයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය කියයි.
පසුව පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් පැමිණ අතුරුදහන්ව සිටි තරුණාගේ මළසිරුර දිය වළේ තිබියදී ගොඩ ගන්නා ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd