IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹුල්ල රෝහලේ මකුණන් මර්දනයට පියවර

(කාංචන කුමාර ආරියදාස)
 

දඹුල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සහ  මහ නගර සභාව එක්ව රෝහලේ මකුණන් මර්දනය සඳහා අද(03) කෘමිනාශක ඉසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහ.

දඹුල්ල මූලික රෝහලේ වාට්ටුවල මකුණන් බෝවීම නිසා රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට කලක සිට පත්ව ඇති බවට ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය මේ පිළිබඳව අවධානය යොමුකරමින් කටයුතු කළහ.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ සහ දඹුල්ල මහ නගර සභාව ද දැනුවත් කිරීමේ කටයුත්තට එක්වූයේය. ඒ අනුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ මන්ත්‍රීවරු කණ්ඩායමක්ද, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමක් ද, දඹුල්ල රෝහලේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ කණ්ඩායමක් ද පැමිණ දඹුල්ල රෝහලේ රෝගීන් ඉවත්කර  මකුණන් මර්දනය සඳහා කෘමිනාශක ඉසීමට පියවර ගත්හ.
 
දඹුල්ල මූලික රෝහලට අනියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියාසිටියේ මෙම කෘමි නාශකය කිසිදු ආකාරයකින් මිනිස් සිරුරුවලට හානියක් නොවන බව සහ එයින් මකුණන් පමණක් මර්දනය වන බවය. ඉදිරි දින කිහිපයේදී ද තවදුරටත් මකුණන් මර්දනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ඔවුහු වැඩිදුරටත් කියාසිටියහ.



අදහස් (0)

දඹුල්ල රෝහලේ මකුණන් මර්දනයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site