(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉබ්බන්කටුව සහ කලාවැව ජලාශයට ජලය රැගෙන යන දඹුලු ඔයට මායිම්ව ඇති තේක්ක ගස් කපා දැව බවට පත් කිරීමේ ජාවාරමක් වැටලීමට දඹුල්ල පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් අද ( 07) දින පෙරවරුවේ සමත් විය.
පොලිසියට සහ දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ විශාල පෞද්ගලික ඉඩමක ඉතා සූක්ෂම ලෙස දඹුලු ඔයට මායිම්ව ඇති ඔය රක්ෂිතයේ ඇති තේක්ක දැව ගස් කපා යන්ත්‍ර සූත්‍ර යොදා ඉරණ ස්ථානය වැටලීමට ලක් කළේය.
ඒ අනුව මෙම ස්ථානයේ දැව හෙළමින් සහ ඉරමින් ඇසිටි පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට පොලිසිය අත්අඩංගුවට ගත් අතර යාන්ත්‍රික කියත් පට්ටල දෙකක් ටැක්ටර් රථ හ ස්වංක්‍රීය ගස් කැපීම සඳහා යොදා ගන්නා කියත් විශාල ගස් ප්‍රමාණයක ඉරන ලද දැව තොගයක් මෙන්ම කපා බිම හෙළා ඇති විශාල තේක්ක කඳන් ප්‍රමාණයක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
මෙම දැව කැපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නම සඳහන් කරමින් ඔවුන් ජාවාරම සිදු කර ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය .
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පමණක් සීමා වී ඇති ඉරුම් පට්ටල නිතියේ සඳහන් ව තිබුණ ද මේවා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ලවා දැව කැපීම ඉරීම සිදුකරන බව ඒ මහතා සඳහන් කළේය.
මෙම ස්ථානය පොලිසිය පරික්ෂා කිරීමේ දී යුද හමුදාව නිල ලාංඡනය සහිත නිල ඇඳුමක කොටසක්ද සොයාගත් බව පොලීසිය කියයි.
දින ගණනාවක්තිස්සේ විශාල ගස් ප්‍රමාණයක් කිසිදු අවසරයකින් බලපත්‍රයකින් තොරව මෙය සිදුකර ඇති බව දඹුල්ල බීට්ටු නිලධාරී දයානන්ද බණ්ඩා මහතා වැඩිදුරටත් කියා සිටිමින් පෙන්වා දී සිටියේ ඇල රක්ෂිතයේ සිට විශාල ප්‍රමාණයක් සංරක්ෂණ ප්‍රදේශ බවය . කෙසේ වෙතත් මෙම ඇලට මායිම්ව ගස් කපා ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දඹුලු ඔයට මායිම්ව තේක්ක දැව ජාවාරමක්