(මනෝජ් හර්ෂික)
කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය අද (19) සවස කැලණිය දුම්රිය ස්ථානය පසු කොට නතර කිරීම හේතුවෙන් දුම්රියෙන් බැසීමට හා නැඟීමට සිටි මඟීහු අපහසුතාවට පත්වුහ.
දුම්රිය කැලණිය දුම්රිය ස්ථානය පසුකොට මීටර් 400ට වැඩිදුරක් ධාවනය වී අතරමග ස්ථානයකදී නතර කර ඇති අතර දුමිරියෙන් බැසීමට යෑමේදී මගීන් කිහිප දෙනෙක් ඇදවැටී තුවාල ලබා ඇතැයි දුම්රිය මගීහු පැවසුහ.
කැලණිය දුම්රිය ස්ථානයෙන් දුම්රිය නවත්වන බව කොටුව දුම්රිය ස්ථානයෙන් හා මරදාන දුමිරිය ස්ථානයෙන් නිවේදනය කර ඇතැත් කැලණිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකළ බවත් මඟිහු කියති.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කැලණිය දුම්රිය ස්ථානය සම්බන්ධ කර ගැනීමට උත්සහා කළත් ඒ අවස්ථාවේදී දුම්රිය ස්ථානයේ දුරකතන ක්‍රියා විරහිත වී තිබුණි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානය පසුකර නැවැත්වීමෙන් මඟීන් අපහසුතාවයට ලක්වෙයි