(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දකුණු ආසියාවේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රථිමාව සඳහා මුල් ගල් තැබීම අද (09) මැදින් පොහෝ දින ආණමඩුව වඩිගමංගාව ශ්‍රී ධර්ම කීර්ති විහාරස්ථානයේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම සක්මන් බුද්ධ ප්‍රතිමාව පොලෝ මට්ටමේ සිට අඩි 171 යි අගල් 6 කින් සමන්විත අතර බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින නෙළුම් පොහොට්ටුවේ සිට අඩි 151 යි අගල් 6 කින් උස බව කුසලසිත් බෞද්ධ සමිතියේ නිලධාරියෙක් පැවසීය.
මෙම බුද්ධ ප්‍රතිමාව සඳහා රුපියල් ලක්ෂ 400 කට අධික මුදලක් වැය වන බවත් ඒ සඳහා රටපුරා සිටින සියලුම දෙනාගේ ආධාර බලාපොරෝත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් 2023 වසරේ නිම කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු කීය.




COMMENTS
පිටිසර ඉස්කෝල දියුණු කරලා පාරවල් හදල විදුලිය දීල ඉස්පිරිතාල හදන්න පුළුවන් සල්ලි බොරු මහන්තත්ත වලට නාස්ති කරන්න අපි හපන්.
මේක තමයි අපේ රටේ බෞද්ධකම......බෞද්ධයෙක් පේනතෙක් මානයක නැහැ.