
(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ජාවාරමක් වටලා බුරුත, කොහොඹ ආදී තහනම් දැව කඳන් සහ ඉරා සකස් කරන ලද දැව තොගයක් සමඟ එක් සැකකරුවෙකු අද (04) අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
ලී ඉරීම සඳහා භාවිත කල ජංගම ලී ඉරුම් පට්ටලයක් යාන්ත්‍රික කියත් ආදියද එහි තිබී පොලීසිය බාරයට ගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු විසින් කාලයක් තිස්සේ රහසිගතව මෙම දැව ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණයවී ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd