
(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ජාවාරමක් වටලා බුරුත, කොහොඹ ආදී තහනම් දැව කඳන් සහ ඉරා සකස් කරන ලද දැව තොගයක් සමඟ එක් සැකකරුවෙකු අද (04) අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
ලී ඉරීම සඳහා භාවිත කල ජංගම ලී ඉරුම් පට්ටලයක් යාන්ත්‍රික කියත් ආදියද එහි තිබී පොලීසිය බාරයට ගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු විසින් කාලයක් තිස්සේ රහසිගතව මෙම දැව ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණයවී ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.


2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තහනම් දැව කඳන් සමඟ සැකකරුවෙක් අල්ලයි