(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තහනම් දැල් යොදා ගනිමින් තබ්බෝව ජලාශයේ මසුන් මැරිමේ නිරත වු ධිවරයින් දෙදෙනෙකු දැල් තොගයක් හා ඔරුවක් පුත්තලම දිස්ත්‍රික් ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිළධාරින් හා විශේෂ වැටලිම් ඒකකය එක්ව අද (21 ) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව කියයි.
දිගින් දිගටම තබ්බෝව ජලාශය තුළ පිරිසක් විසින් ලබා දී ඇති කොන්දෙසි උල්ලංඝණය කරමින් මසුන් මරන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇති බව දිස්ත්‍රික් ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ව්‍යාප්ති නිළධාරි ඒ.එච්.එම්.විමලරත්න මහතා පවසයි.
.අත් අඩංගුවට ගත් ධිවරයින් දෙදෙනා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් බැදුම්කරයක් මත ඇප ලබා දි ඉදිරි දිනකදි පුත්තලම අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දන්වා ඇති බව කියයි.
වැටලිම සදහා ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ විශේෂ වැටලිම් ඒකකය හා පුත්තලම දිස්ත්‍රික් ව්‍යාප්ති නිළධාරි ඒ.එච්.එම් විමලරත්න් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තහනම් දැල් යොදා මසුන් මැරූ දෙදෙනාට වැඩ වරදී