IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තහනම් දැල් කට්ටල 370 ක් අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය කලපුවේ තිබුණු නීති විරෝධී කූඩු දැල් කට්ටල 370 ක් අද (02) අත්අඩංගුවට ගත්බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ නිලධාරියෙකු පැවසීය.

මෙම වැටලීම සඳහා කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහය ලැබී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා මෙසේ පැවසුවේ ය.

        "1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව සහ මිරිදිය කළමනාකරණ නියෝග අනුව දැල් ඇස් ප්‍රමානය මිලිමීටර 80 ට අඩු දැල් ඇස් සහිත දැල් පරිහරනය තහනම්.

මෙම කූඩු දැල් ඇස මිලිමීටර හතරක් පමණ කුඩායි.එම නිසා මේ දැල මසුන්ට මර උගුලක්.කුඩා මත්ස්‍ය පැටවුන් මේ දැලට හසු වෙනවා.

අනෙක් අතට අනෙකුත් ධීවර කාර්මිකයින්ට මෙම දැල් ඇටවුම් විශාල අවහිරයක්.ඔවුන්ගේ දැල්වල පැටලවෙනවා.‘‘ යැයි ඒ මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සියලු දැල් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිත බව පොලිසිය කීය.



අදහස් (0)

තහනම් දැල් කට්ටල 370 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site