රොමේෂ් මධුෂංඛ
යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී තල්රා මදින් පුද්ගලයෙකු තල් ගසකින් වැටී මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදී ඒ.සිවකුමාර් නැමති පුද්ගලයා රාමැදීම සඳහා තල්ගසට නැග සිටින අතරතුර එකවරම ගසෙන් වැටී ඇත.
එහිදී බරපතල තත්වයේ සිටි ඔහු තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
තල්ගසට නැග සිටින අවස්ථාවේදී කිසියම් අසනීප තත්වයක් සෑදී ගසෙන් බිමට වැටුනාදැයි සැකසහිත බවට පරික්ෂණ සිදු කරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.