IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ ගැටී අයෙක් මරුට


(එස් .ඩී.කොඩිකාර)

මොරවක පරගල මාර්ගයේ  ත්‍රිරෝද රථයක් සහ සිමෙන්ති කණු පැටවූ කුඩා ට්‍රක් රථයක් ගැටී පැලවත්තේදී අද (13) සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ පිටු පස  ගමන් ගත් පුද්ගලයෙකු මිය ගොස් එහි  රියදුරු බරපතල තුවාල ලබා  ඇතැයි මොරවක පොලිසිය කියයි.

රියැදුරු මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇ .  

අනතුරින් මියගොස් ඇත්තේ පරගල,මොරවක  පදිංචි ඇගිලියගේ ඉංදික හර්ශන නැමැති (36) හැවිරිදි  පුද්ගලයෙකු  බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය පරගල ප්‍රදේශයේ සිට මොරවක දෙසට ධාවනය වෙමින් තිබූ අතර ට්‍රක් රථය  මොරවක ප්‍රදේශයේ සිට පරගල දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අයුරු දක්නට ලැබෙන අතර අනතුරින් පසු කුඩා ට්‍රක් රථයේ පරගල ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොරවක රජයේ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක  පොලීසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ත්‍රිරෝද රථය ට්‍රක් රථයේ ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site