IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ

(හැටන් රංජිත් රාජපක්ෂ  )

ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් මෙම ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළු කළ බව නානුඔය පොලිසිය පැවසිය.

 අද (02) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් හුලං වංගුව ප්‍රදේශයේදිය.
 
අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවි ගොස් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
 
මේ අතර යාපනය සිට නුවරඑලිය හරහා හැටන් දක්වා නිරෝධායනට ලක් වු රොගියෙකු රැගෙය ධාවනය වු යුධ හමුදා බස් රථයක් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කාර්ල්බේග් වත්ත ප්‍රදේශයේදි මාර්ගයේ කන්දක ගැටි අනතුරක් සිදු වි ඇත. මෙම අනතුර සිදු වි ඇත්තේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්ල්බේග් වත්ත ප්‍රදේශයේදිය.
 
අධික බැවුම් සහිත ප්‍රදේශයේදි බස් රථය ධාවනය වන අවස්තාවේ හදිසියේ බස් රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ප්‍රධාන මාර්ගය අභියස කන්දක ගැටි අනතුර සිදු වි ඇත. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් යුද හමුදා නිලධාරින්ට හෝ නිරෝධානයට ලක් වු පුද්ගලයාට අනතුර සිදු වි නොමැත.
 
අනතුරෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.



අදහස් (0)

ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site