(ඉන්දිකා රාමනායක)
රත්නපුර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ 13 සොරා ගෙන ඒවායේ අංක සහ වර්ණ වෙනස් කොට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රත්නපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රැසක් සොරා ගැනීම් රැසක් සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ පැමිණිලි ලැබි ඇති අතර මේ අනුව පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පස්දෙනා අතර තිදෙනකු මත්ද්‍රව්‍ය ලොලීන් බවත් ඔවුන් විසින් සොරාගන්නා ලද මෙම ත්‍රීරෝද රථ සෙසු සැකකරුවන් දෙදෙනාට ලබාදෙන බවත් ඔවුන් එම රථ වල අංක සහ පාට වෙනස් කොට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd