(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් තනි රෝදයෙන් යතුරු පැදි පැදවු තරුණයන් පස්දෙනෙක් පාලගම බදු විල පාරේ දී අද ( 15 )අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි
එම තරුණයන් පැදවූ යතුරු පැදි ද පොලිසිය භාරයට ගෙන ඇත.
තරුණයන් පිරිසක් අපරික්ෂාකාරී අයුරින් මාර්ගයේ ඒ මේ අත යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කරන බවට කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව එම ප්‍රදේශ යට ගිය රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්
බදු විල පාර ආවරණය කරමින් සිදු සිදුකළ වැටලීමේදී මෙම පිරිස මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම තරුණයන් පිරිස අධික වේගයෙන් තනි රෝදයෙන් යතුරුපැදි ධාවනය කරමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ කොරෝනා කියන්නේ ඔය ලෙඩේට. ඉබේම මැරෙන ජාතියේ කට්ටියනේ... පොලිසිය මොනවට අතදාන්න ගියාද?
වැඩේ වැරැදියි. ඒත් ඉතින් යුරේපයේ ඕක කළා නම් ගොඩක් උපයන්න පුළුවන්..