(විජේරත්න රත්නායක)
එස්.එල්.එස්.තත්ත්ව සහතිකය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළඳසැල් හිමියන් 10 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් එම කාර්යාලයීය නිලධාරීන් විසින් කරන ලද වැටලීම්වලට අනුව බදුල්ලේ වෙළෙන්දන් සිව්දෙනෙකුට, බණ්ඩාරවෙල සිව්දෙනෙකුට හා වැලිමඩ දෙදෙනෙකුට මෙසේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
අදාළ වෙළඳසැල්වල අලෙවියට තිබූ ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස්වැසුම් 56 ක් පමණ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවදුරටත් මේ සම්බන්ධ වැටලීම් කෙරෙන බව එම කාර්යාලය පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ අනුමැතිය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් ප්‍රධානී කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.ආර්.එම්.ෆස්ලි, එස්.එම්.නජාත්, එන්.එම්.රිෆ්කි, එම්.මුත්තුසිවනු යන නිලධාරීහු අදාළ වැටලීම් සිදුකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd