නිශාන්ත කුමාර
ඇදිරිනීතිය පවතින අවස්ථාවේ කන්දකැටිය තැටිල්ල ගම්මානයේ පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර එකිනෙකා අතර ගුටි බැට හුවමාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සැකපිට අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය තැටිල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 28 ක් හා 34 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන් අද (19) බදුල්ල අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd