IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


තංගල්ලේ පවුලේ තුනක් සමග ග්‍රාම නිලධාරීත් නිරෝධායනයේ

අනීෂා මානගේ

කොඩිඩ් - 19 ආසාදිත බවට තහවුරු වූ තංගල්ල රැකව ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරියකු අද(27) කොළඹ අයිඩීඑච් රෝහලට යැවීමටත් ඔහුගේ පවුලේ තිදෙනකු සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු නිරෝධායනය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඉකුත් 21 වැනිදා තංගල්ල රැකව ප්‍රදේශයේ නිවෙසට පැමිණ සිටි නාවික හමුදා නිලධාරියකු ඊයේ(26) පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබූ අතර ඔහු කොවිඩ් -19 ආසාදිත වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කීය.

මෙම නිලධාරියා සහ ඔහුගේ මව, පියා සහ නැගණිය ඉකුත් 24 වැනිදා සිට ඔහුගේ නිවෙසෙහි නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබිණ.

24 වැනිදායින් පසු එම නිවෙසට පැමිණි බව කියන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකුද නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද(27) පියවර ගත්හ.

නිලධාරියාගේ නිවෙස සහ අවට පරිසරය විෂබීජහරණය කිරීමටත් නෙටොල්පිටිය - රැකව මාර්ගයේ පදිංචිව සිටින ජනතාවට නිවෙස්වලින් බැහැර යාමෙන් වළකින ලෙසද තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු දැනුම් දුන්හ.

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියා ඉකුත් 21 වැනිදා තංගල්ලේ පිහිටි සුපිරි වෙළෙදසැලකට ගොස් ඇතැයි අනාවරණය වීම හේතුවෙන් එම වෙළෙදසැල අද(27) දින සිට තාවකාලිකව වසා දැමීමට ද නිලධාරීහු ක්‍රියාකළහ.



අදහස් (0)

තංගල්ලේ පවුලේ තුනක් සමග ග්‍රාම නිලධාරීත් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site