
(අනීෂා මානගේ)
තංගල්ල නගරය ආශ්‍රිතව අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සඳහා පුද්ගලයන් 43කගේ සාම්පල ලබා ගැනීම අද (27) සිදුකෙරිණි.
තංගල්ල ධීවර වරාය සහ තංගල්ල බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි. තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.
තංගල්ල ධීවර වරායේ ආරක්ෂක අංශයෙන් 2ක්, ධිවරයන් 3ක්, වෙළදුන් 3ක්, මාළු බෑමේ අත්උදව්කරුවන් 3ක්, පාරිභෝගිකයන් 3ක් සහ තවත් අයකුගේ සාම්පල ලබා ගැනිණි.
තංගල්ල බස් නැවතුම්පොළේ වෙළෙද ව්‍යාපාරිකයන් 2ක්, ත්‍රි රෝද රථ රියැදුරන් 4ක්, නගරසභා සේවකයන් 3ක්, බස් රථ රියැදුරෙක්, ඖෂධ වෙළෙදසැලකින් 1ක්, තංගල්ල ඩිපෝවේ දුරගමන් සේවා කාර්යය මණ්ඩලයේ 5 ක්, සැලුන්වලින් 2ක්, සිල්ලර සහ තොග වෙළෙදසැල්වලින් 1ක් ඇතුළු ඉලක්කගත සේවාවලින් 43දෙනකුගේ සාම්පල ඊයේ මෙලෙස ලබා ගැනිණි.
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ සහ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd