IMG-LOGO

ට්‍රැක්ටරය වැසිකිලි වළක් මතට කඩා වැටී රියදුරු මරුට

(චන්ද්‍රසේන ගමගේ)

වලස්මුල්ල පොලිස් වසමේ කිරම හග්ගිත කන්ද ප්‍රදේශයේදී වැලි පටවා තිබූ ට්‍රැක්ටර් රථයක් ගෙවත්තක තිබූ වැසිකිලි වලක් මතින් ගමන් කරමින් තිබියදී වැසිකිල වල කඩා වැටීමෙන් වු අනතුරකින් ට්‍රැක්ටර් රථයේ රියදුරු මිය ගොස් තිබූ බව වලස්මුල්ල පොලීසිය පවසයි.

අද (15) සවස සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කිරම කරමැටියේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි.

වැලි පටවා ගත් ට්‍රැක්ටර් රථය වැසිකිලි වල මතින් ගමන් කරද්දී වැසිකිලි වල කැඩි ට්‍රැක්ටර් රථයේ පසුපස කොටස් වැසිකිලි වලට වැටී තිබේ.

අනතුරත් සමග සිද්ධිය වු ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ට්‍රැක්ටර් රථය වැසිකිල වලෙන් ගොඩ ගැනීම සදහා යකඩ දම්වැලක් ආධාරයෙන් ට්‍රැක්ටරය ඇද ඇති බවත් ඉන් අනතුරුව ට්‍රැක්ටර් රථයේ ඉදිරිපස කොටසට යටවි රියදුරු මිය ගොස් තිබූ බවත් පොලීසිය පවසයි.

මියගිය අයගේ සිරුර කිරම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර ඇඹිලිපිටිය මහ රෝහල වෙත යැවීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.



අදහස් (0)

ට්‍රැක්ටරය වැසිකිලි වළක් මතට කඩා වැටී රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site