(පද්මා කුමාරී කංකානම්ගේ )
වෙඩිතලතිව් ප්‍රදේශයේ අත් හරින ලද නිවසක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් අද (09) වටලා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඩම්පන් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ආඩිගම සහ නිකදලුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කීය.
මෙම වැටලීමේ දී මරණයට සූදානම් කර තිබූ එළදෙනුන් නවයක් , ගවයින් හත් දෙනෙක්,පොරෝ දෙකක්,පිහි තුනක්,තරාදියක් සහ බැරල් දෙකක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අඩම්පන් පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් අකමැති නීති විරෝධී ගව ඝාතනය, රටක් කැමති නීත්‍යානුකුල ගව ඝාතනය.