IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගලේවෙල නිහඬ විරෝධතාවයක්

(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොම්බාව ප්‍රදේශයේ චින සමාගමක වෙඩි බෙහෙත් ගබඩාවක් ඉදි කිරීමේ මුවාවෙන් එම රක්ෂිත ඇති නිධානයක් ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීහු නිහඬ විරෝධතාවයක අද (15) දින නිරත වූහ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයා හරහා දීර්ඝකාලීන බදු පවතින රජයේ ඉඩමක චීන සමාගමක කණ්ඩායමක් පැමිණ වෙඩි බෙහෙත් ගබඩාවක් ඉදි කිරීම් කටයුතු සිදු කර ඇති බවයි.

මෙම ස්ථානයේ ප්‍රජා ශාලාවක් මාතෘ සායන සහ මීටර් 100ක පමණ දුරකින් විදුහලක් පවා පැවති බවත් එම නිසා වෙඩි බෙහෙත් ගබඩාවක් ඉදි කිරීමට නුසුදුසු බවය.

කෙසේ වෙතත් වෙඩි බෙහෙත් ගබඩාව ඉදි කිරීමේ මුවාවෙන් මේ වන විටත් එම ස්ථානයේ පාරම්පරිකව ගම්මුන් විසින් දැනුවත්ව ඇත්තේ ගලක නිධානයක් ඇති බවය.

එය ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම් අර අදින බව ද ඔවුහු චෝදනා කරති.

වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකරන ආසන්නයේ පොළොවේ පිහිටි ගලක සලකුණක් සහිත ස්ථානයක යම්කිසි යන්ත්‍රයකින් ගල විද ස්කෑන් පරීක්ෂණ පවා සිදුකර ඇතැයි ඔවුහු එම ස්ථානය පෙන්වමින් චෝදනා කිරීම විශේෂත්වයකි.

වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකරන චීන ජාතික සමාගමේ නිලධාරීන් සේවකයන් කියා සිටියේ එම ගල විදින කටයුත්ත තම සහ ආයතනය මඟින් සිදු නොකළ බවය.

කෙසේ වෙතත් එම ගල විද්දේ වෙනත්කවුරුන්ද යන්න නොදන්නා බවද චීන ජාතිකයෝ මේ දී පොලිසියට පැවසූහ.

මෙම වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකරන ස්ථානයට පැමිණි ගම්මුන් තමන්ගේ විරෝධතාවය එල්ල කිරීමත් සමඟ ගලේවෙල පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බලා ප්‍රශ්නය විසදෙන තුරු තාවකාලිකව ඉදිකිරීම් නවතා දමන ලෙස චීන සමාගමට දැනුම් දීම දුන්නේය.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට සමගාමීව වයඹ ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා මෙම වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකිරීම් කටයුතු සිදු කරන බව ද එම සමාගම් නියෝජිතයෝ පැවසූහ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ප්‍රාදේශීය ලේකම්වරයා සහ තවත් කණ්ඩායමක් එක්ව ප්‍රදේශයේ රජයේ ඉඩම් මෙයාකාරයෙන් විවිධ සංවර්ධන කටයුතු වලට බව පවසා ලබාගෙන පසුව ඒවා අලෙවි කිරීම් සිදු කරන බවය.

එමෙන්ම වයඹ ඇළ ව්‍යාපෘතිය හරහා එම ඉඩම් වලට වෙනත් පිරිසගේ නම් යොදා වන්දි මුදල් ලබා ගැනීම ද සිදු කෙරෙන බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ප්‍රදේශවාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියි.



අදහස් (0)

ගලේවෙල නිහඬ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site