(ඩී.ජී.සුගතපාල)
ගාල්ලෙන් වාර්තා වු පළමු කොරෝනා රෝගියා කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබා අද (21) පිටව ගිය බව දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
කොරෝනා වෛරසය ආසාදනයවි ඇති බවට සැකපිට මාර්තු (16) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද මොහුට එම වයිරසය වැළඳි ඇති බවට අනාවරණයවිමෙන් පසු එදින සවස අයි.ඩි.එච්.රෝහල වෙත මාරුකර යවා තිබේ.
මෙම පුද්ගලයා 73 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඉතාලියේ සිට පැමිණ කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ සිටින පුතාගේ නිවසට ගොස් පැමිණිමෙන් පසු කොරෝනා වැළඳි ඇති බවත් පුතාද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවත් අනාවරණය විමෙන් පසු කොළඹ අයි.ඩී.එච්.රෝහලට යවා ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.