(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත.
කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ සංකල්පයකට අනුව මෙය නිර්මාණය කර ඇති අතර ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් සියලු දෙනාට එම ඇඳුම නොමිළයේ ලබා දීමට කටයුතු කර තිබේ.
කොරෝනා මර්ධනය කිරීමේ කටයුතුවලටත්, සහන සේවා සැළසීමේ කටයුතුවලටත් මෙම නිලධාරීන් නිතරම ක්ෂේත්‍රයේ රාජකාරීවල යෙදීම හේතුවෙන් මෙවැනි ආරක්ෂිත ඇඳුමක් හඳුන්වාදුන් බව ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.
මේ අනුව නිලධාරී නිලධාරිනියන් 150කට මෙම ආරක්ෂිත ඇඳුම ලබා දීමට කටයුතු කර තිබේ.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය මෙසේ කීවාය.
''අපේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා වසංගතය තිබුණත් ඔවුන්ගේ රාජකාරියේ යෙදෙන්න සිදුවනවා. ඔවුන් ක්ෂේත්‍රයට ගිහින් කොරෝනා මර්ධන කටයුතු වගේම සහන සේවා සැළසීමේ කාර්යයත් ඔවුන් කළ යුතුයි. මේ වගේ වෙලාවටට ඒ නිලධාරීන් දැඩි අවදානමකට ලක්වනවා. සියල්ලටම වඩා අපිට ඔවුන්ගේ ජීවිතය වගේම සනීපාරක්ෂාවත් වැදගත්. ඒ නිසා මේ වගේ දෙයක් නිර්මාණය කිරීමට කටයුතු කළා. මේ සඳහා අපිට ගාල්ලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ආධාර කළා. ඒ නිසා නොමිළයේ ම ආරක්ෂිත ඇඳුම් කට්ටල ඔවුන්ට ලබාදීමට හැකියාව ලැබුණා"

2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල කඩවත් සතර ප්‍රා.ලේ. කාර්යාලයේ නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුමක්