IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගල්කිස්සේ ‘තිලක් බඩා‘ අල්ලයි


(මොරගහහේන  - කේ. බුද්ධික කුමාරසිරි)

මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ වර්ගයේ දරුණු අපරාධවලට සම්බන්ධ “නේවි රුවන්” නමැති පාතාල ක්‍රියාකාරිකයෙකුගේ සමීපතමයෙකු වන ගල්කිස්සේ තිලක් බඩා හෙවත් අශාන් මදුශංක නම්   22 හැවිරිදි අයෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවි කොටසක් සමගින් අද (03) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද ගිනි අවි කොටසට අදාල ගිනි අවිය සඟවා තිබූ හෝමාගම නියඳගල ප්‍රදේශයේ තෙමහල් නිවසක් පරීක්ෂා කිරීමට සැකකරු සමග යාමේදී සැකකරු පොලිස් අත් අඩංගුවෙන් මිදී පලාගොස් තෙමහල් නිවසේ ඉහළම මාලයෙන් බිමට පැනීම නිසාවෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බවත් පොලිස් ආරක්ෂාව යටතේ සැකකරු රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මීගොඩ බටවල ප්‍රදේශයේදි යතුරුපැදියකින් රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වටිනා මැණ්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රැම් 110 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මෝටර් රථයකින් යමින් සිටි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර්රථයේ කාන්තා අත්බෑගයක තිබී මැණ්ඩි මත් ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයා ගත් බවත්, පසුව තවදුරටත් සෝදිසි කිරීමේදී සැකකරු පැළඳ සිටි පාවහන් යුගලයේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 ක් ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

ඒ අන්ව තව දුරටත් පරීක්ෂා කිරීමේදී මිලි මිටර් නවය වර්ගයේ ගිනිඅවි සඳහා යොදන උණ්ඩ 06 ක් අඩංගු මැගසිනයක් ද සොයා ගැනීමට හැකි වූ බවත් සැකකරු සතුව තිබූ කාන්තා අත් බෑගයේ හිමිකාරිය වන සැකකරුගේ අනියම් බිරිඳ බව කියන 26 හැවිරිදි කාන්තාවකද සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සැකකාරියගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කරන බවත් පොලිසිය පවසයි

මොවුන් හෝමාගාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ගල්කිස්සේ ‘තිලක් බඩා‘ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site