
(එච්. එම්. ධර්මපාල)
ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අද(01) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ පොලීසිය පවසයි.
සැකකරු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වෙත ලද තොරතුරකට අනුව, සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව, මෙම ගිනි අවිය ඔහුගේ නිවසේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගත හැකිවූ බව පොලීසිය කියයි.
මෙම ගල්කටස් වර්ගයේ ගිනි අවිය පාතාල කල්ලියක් විසින් ලබාදී තිබුණේද, නොඑසේනම් කිසියම් අපරාධයක් සඳහා සඟවා තබා ගත්තේ ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් කරන බව පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd