
(එච්. එම්. ධර්මපාල)
ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අද(01) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ පොලීසිය පවසයි.
සැකකරු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වෙත ලද තොරතුරකට අනුව, සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව, මෙම ගිනි අවිය ඔහුගේ නිවසේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගත හැකිවූ බව පොලීසිය කියයි.
මෙම ගල්කටස් වර්ගයේ ගිනි අවිය පාතාල කල්ලියක් විසින් ලබාදී තිබුණේද, නොඑසේනම් කිසියම් අපරාධයක් සඳහා සඟවා තබා ගත්තේ ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් කරන බව පොලීසිය පවසයි.

2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගල්කටස් වර්ගයේ ගිනි අවියක් නිවසේ සිවිලිමේ සඟවලා