(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආරක්ෂිත සතුන් වන ගල් ඉබ්බන් සහ කිරි ඉබ්බන් විකිණීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අද(26) ජා ඇල තුම්මෝදර සහ පස්යාල කලල්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ පස්යාල කලල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
තුම්මෝදර ප්‍රදේශයේ නිවසක විකිණීම සඳහා ගල් ඉබ්බන් සිටින බවට ලද තොරතුරක් අනුව මුතුරාජවෙල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල් ඉබ්බන් තිදෙනෙකු සහ කිරි ඉබ්බන් දෙනෛකු ඔවුන් අතර තිබියදී සොයාගෙන ඇත.
ගල් ඉබ්බන් වැලිසර මහේස්ත්‍රත් අධිකරණයේ නියෝග මත අද දෙහිවල සත්ව උද්‍යානයට බාරදී තිබේ.
මෙම ඉබ්බන් මස් පිණිස විකිණීමේ අරමුණින් ලඟ තබාගෙන සිටි බව මූලික පරීක්ෂණයේදී හෙළිවී වූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලය කියයි.
සැකකරු ඇපමත මුදා හැර ඇති අතර මාර්තු මස 27 වැනිදා නඩු පැවරීමට නියමිත බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd