IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ගිරිඋල්ලේදී සමෘද්ධි මුදල් පැහැරගැනීමට තැත්කළ අයෙකු අත්අඩංගුවට

(හේමලතා ඩී හේවගේ)                                          

ගිරිඋල්ල - මරදගොල්ල සමෘර්ධි ප්‍රතිලාභීන්ට සහ වැඩිහිටියන්ට බෙදාදීම සඳහා රැගෙන යමින් සිටි රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් අද (09) අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ කොල්ලකා පලායෑමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පැවසීය.

ගිරිඋල්ල නගරයට ආසන්න අතුරු මාර්ගයකදී බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අලව්ව - විල්ඔඵව ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බවද පොලිසිය සඳහන් කළේය.

මරදගොල්ල සමෘර්ධි සංවර්ධන නිලධාරී එච්.ඒ.වීරසිංහ මහතා සහ ග‍්‍රාම නිලධාරිනී එච්.එම් මනූජා හර්ෂණි මහත්මිය තම වසම තුල වෙසෙන ප‍්‍රතිලාභීන්ට බෙදාදීම සඳහා යතුරු පැදියෙන් මෙම මුදල් රැගෙන යන අවස්ථාවේ මරදගොල්ල පාලම අසලදී සැකකරු විසින් මෙම මුදල් පැහැරගැනීමට තැත්කර ඇති බවත් පොලීසිය පැවසීය.      

සැකකරු මෙම මුදල් පැහරගැනීමට තැත්කළ අවස්ථාවේ එම නිලධාරීන් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා මුදල් ආරක්ෂා කරගෙන ඇති බවද සඳහන්වේ.

අත් අඩංගුවට ගත් සැකකරු හෙට (10) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

ගිරිඋල්ලේදී සමෘද්ධි මුදල් පැහැරගැනීමට තැත්කළ අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site