IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහත් ගෙයින් ගෙට ගොස් එන්නත් දීම අරඹයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ මහ නගර සභාව මගින් නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන වයෝවෘද්ධ වැසියන්ගේ නිවෙස් වෙත ගොස් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට පියවර ගෙන ඇත.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ අදහසකට අනුව නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සදරුවන් පනාපිටිය මහතාගේ මෙහෙයවීම මත මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන අතර වෛද්‍ය මිතුම් පෙරේරා මහතා ස්වේච්ඡාවෙන් සහාය ලබාදීම සිදු කරයි.

මෙම වැඩපිළිවෙළට අනුව දැනට 250 දෙනෙකුට පමණ එන්නත ලබා දීම සිදු කොට ඇති බවත් මේ යටතේ එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන වැඩිහිටියන් හට , ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා හෝ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරමින් " සයිනෝෆාම් " එන්නත ලබා ගැනීමට හැකි බවත් නගරාධිපති එරංග සේනානායක මහතා දැනුම් දීමක් කර සිටී.

 



අදහස් (1)

ගම්පහත් ගෙයින් ගෙට ගොස් එන්නත් දීම අරඹයි

අනෙක් නගර වාසීන් Wednesday, 25 August 2021 02:37 PM

මෙය ඉතා හොඳ වැඩපිළිවෙලක්. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නගරවලට මෙන්ම අනෙක් දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී ජනපදවලට මෙය විශේෂයෙන් කළයුතුයි. අඩු පහසුකම් සහිත ජනතාවට තමන් ගැන සිතන්න වෙලානැතිව වැඩ පමණක් කරමින් ජීවත් වෙනවා. ඔවුන් වැඩියෙන්ම මෙය පැතිරීමට හේතුවෙන්නේ ඔවුන්ගේ පීඩාකාරී දිවිපෙවත හේතුවෙන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site