( තිලකරත්න දිසානායක)
ගම්පහ නගර සභා සීමාව තුල පිහිටි සුපිරි වෙළඳසලක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ වෙළඳසලෙහි සහ එහි ගබඩාවෙහි කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය ඇතුලු දෑ තිබූ බැවින් එම ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
මෙම වෙළඳසලෙහි කල් ඉකුත්වූ ආහාර පාන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බැවින් ඒවායෙහි දින වෙනස් කොට අලෙවි කිරීමට සැලසුමක් තිබුනේදැයි පිළිබඳ සැකයක් මතුවීම හේතුවෙන් එම සියලුම දේ සෞඛ්‍ය නිලධාරීන් ඉදිරියේ විනාශ කිරීම පිනිස වෙළඳසල විවෘත කිරීම තහනම් කරමින් එහි ගබඩාවට මුද්‍රා තැබීමට මෙලෙස පියවර ගත් බවත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම්පහ සුපිරි වෙළෙඳහලේ ගබඩාවට සීල් තබයි
SHIWANTHI OLAGASEKARA Tuesday, 27 December 2022 02:50 PM
ගම්පහ සුපිරිවෙළද සැල මොකක්ද කියල කියන්න
චානක Thursday, 29 December 2022 02:25 PM
පිස්සු. කල් ඉකුත් වූ බඩු මැනෙජර් හිතුමතේ විනාස කලොත් ඔහුට ගෙවන්න වෙනවා. අදාල අය පැමිනෙන දිනය තෙක් ගබඩා වල තැබීම සාමාන්‍ය දෙයක්.
janabala Monday, 02 January 2023 01:26 PM
දිනය වෙනස් කිරීම පහසු නොවේ... මේ සඳහා ගෙවිය යුතු ගාස්තු මුදල් නොගෙවීම තමයි ප්‍රශ්නයට මුල...!
Chamara Meegaswatte Saturday, 14 January 2023 09:28 AM
Please disclose the names of these culprits. They not just accused, they were caught red-handed with the expired items. It will be a good lesson for them and people reduce purchasing from them. This will set an example for others too.