(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල කොස්ගොල්ල ප්‍රදේශයේ නිවසක මුලුතැන්ගේ දුම්මැස්සක සගවා තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක් සමඟ සැකපිට පින්තාරුකරුවෙකු අද(27) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසියේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පින්තාරුකරුවෙකු යැයි පොලිසිය කීය .
කොරෝනා වයිරසය පැතිර යාම වැලක්වීම සදහා රජය මගින් ඇදිරි නීතිය පනවා තිබියදී මොහු හොර රහසේ වනරක්ෂිත වල සිටින වනසතුන් දඩයම් කිරීම සදහා මෙසේ මෙම ගිනිඅවිය නිවසේ මුලුතැන්ගේ දුම්මැස්සේ සගවා තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
ඌව පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට ,බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ,සහකාර පොලිස් අධිකාරි 1 ප්‍රදීප් වීරසේකර,මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ උපපොලිස් පරික්ෂක අසංක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.