IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිනිඅවි 4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)

 

පොලිස් වෙඩි පහරින් මිය ගිය 'ගොනාකෝවිලේ රොහා' නමැති පාතාල සාමාජිකයාට අයත්ව බව කියන ටි - 56 වර්ගයේ ගිනි අවි 03 ක්, ඒකේ 47 වර්ගයේ ගිනි අවි 02 ක් සහ මැගසින් දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු කහතුඩුව, හෙරළියාවල කැළෑ බඳ ප්‍රදේශයක සගවා තිබියදී අද (05) දින රාත්‍රියේ අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්තාන විශේෂ වැටලීම් ඒකකය පවසයි.

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්තාන විශේෂ වැටලීම් ඒකකයේ බුද්ධි නිළදාරීන්ට ලද තොරතුරක් මත රත්මලාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත හෙරළියාව ප්‍රදේශයේ කැළැබද ප්‍රදේශයක සගවා තිබියදී මෙම අවි තොගය සොයා ගත් බවද එම ඒකකය පවසයි.

 

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙරොයින් පානයට දැඩි ලෙස පුරුදුව ඇති අය බවත් රත්මලානෙ ප්‍රදේශයේ කානුවක තිබි හමු වූ මෙම ගිනි අවි, දෙදෙනා විසින් මෙම කැලෑබද ප්‍රදේහයේ සගවා පසුව අලෙවි කර මුදල් ගැනීමට සිට ඇතැයි සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද එම ඒකකය පවසයි.

 

අත් අඩංගුවට ගත් ගිනි අවි සහ සැකකරුවන් වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා කහතුඩුව පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු කර ඇත.

 



අදහස් (0)

ගිනිඅවි 4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site