
(හේමලතා ඩී.හේවගේ)
ගිරිඋල්ල පොලිස්වසමේ හමන්ගල්ල සහ බෝගහයාය ප්‍රදේශවල කළ මෙහෙයුමකදී ගිනි අවි 3 ක් සහ ජීව උණ්ඩ 14 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීහු කීහ.
බෝර 12 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 14ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හමන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු බවත්, ගිරිඋල්ල බෝගහයායේ පදිංචි 53 හැවිරිදි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගල්කටස් වර්ගයේ ගිනි අවිය සොයාගැනීමට හැකිවූ බවත් වැටලීමට සහභාගීවූ නිලධාරීහු පැවසූහ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි සහ ජීවඋණ්ඩ සොයා ගැනීමට හැකිවී ඇතිබවද සඳහන් වේ.
විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක මධුරංග මහතා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග නඩු භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිරිඋල්ල පොලිස්ථානයට භාරදී ඇත.
ගිරිඋල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි අවි තුනක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට