IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගිංතොට තුනී ලෑලි කම්හලේ සේවකයෝ මාස 8ක වැටුප් ඉල්ලති

(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
 
මාස 8ක වැටුප් නොලැබීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි විභාගකිරීම සඳහා, ගිංතොට තුනි ලෑලි කම්හලේ සේවකයන් පිරිසක් අද (02) ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය.
 
ගිංතොට තුනිලෑලි කම්හලේ සේවකයින් 200ක් පමණ පොලිසියට පැමිණ සිටියත් සමාගමේ අයිතිකරුවන් කිසිවකුත් පැමිණි නොසිටි අතර, සමාගමේ මානව සම්පත් කළමනාකාරිනිය පමණක් පැමිණ සිටියායෙ. මේ නිසා සේවක පිරිස ආවේගශීලීව හැසිරෙන්නට වූහ.
 
පැමිණ සිටි පිරිස කියාසිටියේ තමන් වසර ගණනාවක් තිස්සේ මෙම කම්හලේ සේවය කරන බවත්, මෙම වසරේ පෙබරවාරි මාසයේ වැටුප් ද නොගෙවා මාර්තු 17වැනි දින කම්හල වසා දැමු බවත් ය. කම්හල අයිතිකරු සේවක පිරිසට කිසිම සහනයක් සැලසුවේ නොමැති බවත්, මේ වනවිට අයිතිකරු කම්හලේ යන්ත්‍ර සූත්‍ර පමණක් නොව කම්හලේ භූමිය ද කැබලිකර විකිණීමට සූදානම් වන බවත් ඔවුහු කියා සිටියහ.
 
මේ වනවිට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවලට නොපැමිණීම නිසා යසසිරි කස්තුරිආරච්චි සහ උදයාංගනි කස්තුරිආරච්චි යන දෙදෙනාට වරෙන්තු නිකුත් කර ඇති බවත්, තමන් බොරලැස්ගමුව ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේ ඔවුන් සැඟව සිටි බවත්, බොරලැස්ගමුව පොලිසිය විසින් වරෙන්තුකරුවන් අත්අඩංගුවට නොගත් බවත් එම පිරිස කියා සිටියහ. සේවක පිරිස දිගින් දිගටම ඉල්ලා සිටියේ තමන්ගේ වැටුප් ලබා දෙන ලෙසය. එහෙත් පැමිණ සිටි මානව සම්පත් කළමනාකාරිනියට ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට නොහැකි විය.
 
පැමිණිලි විභාග කළ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා කියාසිටියේ, වග උත්තරකරුවන්ට එරෙහිව නඩු 20ක් පවරා තිබෙන අතර දකුණු පළාත් කම්කරු කොමසාරිස්වරයා ද නඩු පවරා ඇති බවය. එම නඩු රැසකට වග උත්තරකරුවන්ට සිතාසි නිකුත් කර ඇති බවත්, තවත් නඩු රැසකට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවත්, වරෙන්තුවල පිටපත් එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට යවා ඇති බවත්, එනිසා  අත්අඩංගුවට ගත යුත්තේ එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය මගින් බවත් මෙහිදි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණ සිටි පිරිසට පැහැදිලි කර දුන්නේය.
 
වග උත්තරකරුවන් නොපැමිණීමත් පැමිණ සිටි නිලධාරිනියට විසඳුමක් දීමට නොහැකි වීමත් නිසා විසඳුමකින් තොරව පිරිස විසිර ගියහ.

(ඡායාරූප- ඩී.ජී.සුගතපාල)

(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)

 



අදහස් (1)

ගිංතොට තුනී ලෑලි කම්හලේ සේවකයෝ මාස 8ක වැටුප් ඉල්ලති

අසේල Friday, 02 October 2020 09:47 AM

මේ මොහොතේ රට ගැන හිතන්න. මෙවැනි උද්ඝෝෂණ සුදුසු නෑ. 20 සම්මත වෙනකන් ඉන්න. ඊට පස්සෙ සේරම හරියාවි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site