(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 51 ක්, දිවුලපිටිය - 44 ක්, මහර - 41 ක්, මීරිගම - 38 ක්, කටාන - 36 ක්, ජාඇල - 33 ක්, අත්තනගල්ල - 31 ක්, දොම්පෙ - 30 ක්, කැලණිය - 28 ක්, මීගමුව - 23 ක්, මිනුවන්ගොඩ සහ සීදූව කොට්ඨාසයන්ගෙන් 22 දෙනෙකු බැගින්, ගම්පහ - 16 ක් සහ රාගම 6 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 39 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින් 25 ක්, බියගමින් 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකු වශයෙනි.
දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 තුල ආසාදිතයින් 356 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,379 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කාර්යාලය සදහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගත වු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 488 ක්