
(සුමිත් ප්‍රේමතිලක )
පානදුර , පින්වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් , තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පින්වත්ත , උපෝසතාරාම පාරේ පදිංචිව සිටී සුනිල් රංජිත් සිල්වා නමැති 53 හැවිරිදි ත්‍රීරෝද රථ රැකියාවේ නියැලී සිටි තිදරු පියෙකු බවත් සුළු තුවාල ලබා ඇත්තේ ඔහුගේ මස්සිනා බවත් පොලීසිය කියයි
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් ඊයේ (18) රත්‍රී ඝාතනය සිදුව ඇති අතර , ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් සිටින පුද්ගලයා සොයා මෙහෙයුම් කරන බව පොලිසිය කියයි .
මියගොස් ඇති පුද්ගලයාගේ හිසට සිදුවූ බරපතල කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඒ වන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් පොලිසිය කියයි .
මෘත දේහය පානදුර මූලික මුලික රෝහලේ තැන්පත් කර තිබේ. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd