IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගංජා ජාවාරමේ යෙදුණු 3ක් දැලේ



(ක.ග. කරුණාරත්න)

යාපනය, කිලිනොච්චිය ප්‍රදේශයේ සිට කේරළ ගංජා රැගෙනවිත්  මින්නේරිය, හිඟුරක්ගොඩ, අරලගංවිල යන ප්‍රදේශවලට බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටින යුද හමුදා සෙබළෙකු, කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ගංජා ග්‍රෑම් 590ක්ද සමඟ අද (10) මින්නේරියේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.

මින්නේරිය පොලිස් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති  පොලිස් පරීක්‍ෂක කේ.එම්.ජී.එස්. කුලතුංග මහතාට ලැබුණු තොරතුරකට අනුව මේ වැටලීම සිදුකර ඇත.

ගංජා විකුණා ලබාගත් බව කියන රුපියල් 61,000ක මුදලක්ද, සැකකරුවන් සන්තකයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් රුපියල් හාර ලක්‍ෂ දෙදාහක (4,02000ක) මුදලක් බැංකු ගතකර තිබෙන බව සැකකරුවන් විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

යුද හමුදා සෙබළා මිහින්තලේ ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක දැනට සේවය කරන බවත්, හෙතෙම කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනාවරණය වී තිබේ.

සැකකාර කාන්තාව මින්නේරිය, හේන්යාය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අනෙක් සැකකරු හිඟුරක්ගොඩ, බටුකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

මොවුන් තිදෙනා එක්ව මෙම ගංජා බෙදාහැරීමේ ජාවාරම කාලයක පටන් ඉතා රහසිගතව සිදුකර තිබෙන බව සිදුකළ විමර්ශන වලදී හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

ගංජා ජාවාරමේ යෙදුණු 3ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site