
(එස්. ඩි. කොඩිකාර)
සිංහරාජ පිටදෙණිය ගිංගඟේ ආරණුව දොළ මෝදර දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අද (02) මියගොස් ඇති බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 21 හැවිරිදි පරණවිතානගේ හිරුවින්ද සේසත් ෆොන්සේකා නැමැති ඊරියවැටිය ,කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බව පොලිසිය කියයි.
කැළණිය ප්‍රදේශයේ සිට 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (01) සිංහරාජ පිටදෙනිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක දිනක් ගත කර නැවත ගම්බිම් බලා යෑමට පෙර එම කණ්ඩායමේ සිව්දෙනෙකු ගිං ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ දී එක් තරුණයෙකු මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
ප්‍රදේශයට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම වැඩි වූ හෙයින් මියගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවත් සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය පතන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd