( රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මෝදර වෙරළ සංරක්ෂණ කාර්යාලයේ වාහන අංගනයට ඇතුලු වී වාහන අමතර කොටස් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු බොල්ගොඩ ගංපතුලේ සඟවා තිබු බැකෝ යන්ත්‍ර කොටස් සමඟ (28) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය කියයි.
වෙරළ සංරක්ෂණ කාර්යාලීය නිලධාරීන්ගෙන් ලැබුනු පැමිණිල්ලකට අනුව බුද්ධි අංශ වෙතින් ලද තොරතුරක් ඔස්සේ යමින් සිදුකළ පරීක්ෂාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ වලින් කොටසක් විකුණා දැමු බවත් තවත් කොටසක් පසුව විකිණීමට ගං පතුලේ සැඟවු බවත් සැකකරු විසින් පැවසු බව පොලිසිය පැවසීය.
ඒ අනුව ධීවරයින්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන් විසින් ගං පතුල පරික්ෂා කිරීමේදී අදාල බැකෝ යන්ත්‍ර කොටස් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.
ඇතැම් බැකෝ යන්ත්‍ර කොටස් මිල දී ගත් අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන් කරන පොලිසිය මෙම සැකකරුවන් එම කොටස් රැපියල් හාරදහකට විකුණා ඇති බව පොලිසිය පැවසීය.
මෙම සැකකරුවන් දෙදෙනා එසේ බැකෝ යන්ත්‍ර උපාංග අලෙවි කොට ලබා ගත් මුදලින් හෙරොයින් පානය කර ඇති බව සඳහන් කරන පොලිසිය මොවුන් හෙරොයින් පානයට අධිකව ඇබ්බැහිවුවන් බවද පැවසීය.
මෙම සැකකරුවන් මොරටු මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගං පතුලේ බැකෝ යන්ත්‍ර කොටස් සැඟවු දෙදෙනක් අත්අඩංගුවට