(අනීෂා මානගේ)
හුංගම කළමැටිය ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (4) සොයාගත් බව හුංගම පොලිසිය කියයි.
ධීවර රැකියාවේ පිටත්ව ගිය ධීවරයකු මෙම මළ සිරුර මුහුදෙහි පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබඳව පොලිසිය දැනුම්වත් කර තිබිණි.
දැනට දින කිහිපයකට ඉහතදී කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර මෙය බවට පොලිසිය සැකකරයි.
සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd