IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කළුබෝවිල රෝහලේ මහ පුටුව මාස හතක් තිස්සේ හිස්

(යොහාන් භාසුර)

දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) අධ්‍යක්‍ෂ ධූරය මාස හතක පමණ කාලයක සිට පුරප්පාඩු වී තිබීමෙන් රෝහල අකර්මන්‍ය තත්වයට පත්වෙමින් තිබේ යැයි එම රෝහලේ සේවය කරන වෛද්‍යවරු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

කාසල් රෝහලේ අධ්‍යක්‍ෂවරයෙක් දිනකට පැය දෙකක් පමණ එම රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන බවත් එම සේවය මෙවැනි දැවැන්ත රෝහලකට කෙසේවත් ප්‍රමාණයත් නොවන බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පසුගිය වසරේ (2020) ඔක්තෝබර් මාස උසස්වීම් ලබන තෙක් කළුබෝවිල රෝහලේ අධ්‍යක්‍ෂ ධූරයේ කටයුතු කළ බවත් මෙම තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරු යොමු කළ ලිපියට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිළිතිතුරක් හෝ ලැබී නොමැති බවත් වෛද්‍යවරු කියති.

කළුබෝවිල රෝහල තුළ ‘කොවිඩ්’ වයිරසය වේගයෙන් පැතිර යන බවත් ස්ථිර අධ්‍යක්‍ෂවරයකු පත්නොකළහොත් තත්වය බරපතල විය හැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

 



අදහස් (0)

කළුබෝවිල රෝහලේ මහ පුටුව මාස හතක් තිස්සේ හිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site