(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ඇල්ල කළුගල්විල ඇළේ තිබී අද (15) මළසිරුරක් සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගිය අය ඇල්පිටිය දිවිතුර වත්තේ පදිංචිව සිටි 55 හැවිරිදි සින්න තම්බි ලෝගනාදන් නැමැත්තෙකු බව ඔහුගේ සහෝදරියක් විසින් සොයා ගත් බවද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මියගියේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නැති අතර අද මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ඇල්පිටිය රෝහලේදී සිදුකරන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd