(සිතුම් චතුරංග)
කසළ තේ කොළ කිලෝ 224 ක් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම වංකාලෙහීදි අත්අඩංගුවට ගත් බව වංකාලෙයි පොලිසිය පවසයි.
නාවික හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී සුඛෝපභෝගි මෝටර් රථයක සඟවා රැගෙන ආ කසළ තේ කොළ තොගය සමඟ අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව පැවසීය.
විශාල ප්‍රමාණයේ ඇසුරුම් අටකින් යුතු කසළ තේ කොළ තොගය හපුතලේ සිට මන්නාරම දක්වා රැගෙන එමින් තිබියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන පිරිසකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, කසළ තේ කොළ තොගය හා මෝටර් රථය මන්නාරම මහේසඅධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වංකාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd